2/3ක් තියෙද්දි තව මොකක් ද?

2/3ක් තියෙද්දි තව මොකක් ද? - මහාචාර්ය ජී. එල්. පීරිස්

by Staff writer 07-08-2020 | 7:44 PM

COLOMBO (News 1st) - නව රජය පිහිටුවීම හා ඉදිරි කටයුතු පිළිබඳව පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අදහස් පළ කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා,
දිස්ත්‍රික්ක 22 න් 19 ක් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. විශේෂ ස්තූතියක් පුද කරන්න ඕනේ බැසිල් රාජපක්ෂ මහතාට.විශේෂයෙන් කරුණු 3 ක් ආශ්‍රයෙන් කෝවිඩ් 19 පාලනය, පාතාලය මර්දනය ඒ වගේම මත්කුඩු උවදුරෙන් ශක්තිමත් මැඩලීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පහුගිය මාස 6 තුළ පුළුවන් වුණා. මේ සියල්ලන්ගෙන්ම පේන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයේ හයිය. ජනතාව මොකක්ද මේ මැතිවරණයේදී කලේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ සම්පූර්ණ බලය අපේ පක්ෂයට දීලා තියෙනවා. පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනි දා රැස්වෙන විට 3/2 බහුතරයක් බලයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලයත් නව රජය සතුයි ඊට පස්සේ අපිට කිසිසේත් කියන්න පුළුවන් කමක් නැහැ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යම් යම් බාධක තියෙනවා කියලා. අපිට අවශ්‍ය ශක්තිය පාර්ලිමේන්තුව තුළ නැහැ වෙන පක්ෂ සමග සාකච්ඡා කරන්න ඕනේ ඒ පක්ෂවල සහයෝගලය ලබාගන්න ඕනේ කේවල් කිරීමේ ප්‍රවනතාවයක් පාර්ලිමේන්තුව තුළ ජනිත වීම ඒ කොන්දේසිවලට යටත් වෙන්න සිද්ධ වෙනවා මේ කිසිදු ගැටලුවක් පාර්ලිමේන්තුවේ උද්ගත වෙන්නේ නැහැ. ඒකෙන් ගම්‍ය වන්නේ නැහැ මේක හිතුවක්කාර විදිහට හැසිරීමට බලාපොරොත්තු වෙන රජයක් කියලා.
ප්‍රශ්නය,
දැන් ඔබතුමාලට තියෙන්නේ ආසන 145 යි. තුනෙන් දෙකක් ගන්න අවම වශයෙන් තව ආසන 5ක් ඕනේ ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා,
වෙන පක්ෂ වෙන ලාංඡනවලින් ඉල්ලුවා. උදාහරණයක් විදිහට ඩග්ලස් දේවානන්දාගේ පක්ෂය ආසන 2 ක් තියෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසනයක් ලැබුණා යාපනයෙන්. අතාවුල්ලා, එතකොට පිල්ලයාන් ඉතින් ඒවා අප සමග වැඩ කරන පක්ෂ. ඒ නිසා අලුත් පාර්ලිමේන්තුවට 150 ට වඩා ආසන අපේ පක්ෂය තුළ තියෙනවා.
ප්‍රශ්නය,
දැන් ප්‍රථමයෙන් ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ද ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා,
ඒ ගැන අපි ගැඹුරින් හිතලා බලන්න ඕනේ. විකල්ප කිහිපක් තියෙනවා. පැහැදිලිව පේනවා යම් යම් සංශෝධන අවශ්‍යයි කියලා. මේක මේ විදිහට යන්න බැහැ. අවශ්‍යමයි කොමිෂන් සභාවල ඝණ පූර්ණය වෙනස් කරන්න. පහුගිය කාලෙම කිව්වේ රනිල් සහ සුමන්තිරන් විශේෂයෙන් මොකක්ද කිව්වේ? පිලිණු වෙච්ච පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. කැඳවන්නේ නැති එක නීති විරෝධියි කිව්වා. දැන් පැහැදිලිව පේනවා ඒ පාර්ලිමේන්තුව කිසි සේත් ජන මතය නියෝජනය නොකළ බව. ජනාධිපතිවරයාට බලය තියෙන්න ඕනේ පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන වෙලාවක. ඒක කරගන්න බැරි වුණේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා.
ප්‍රශ්නය,
දේශපාලන වේදිකාවේ මතුවෙච්ච ප්‍රධාන කාරණා බැඳුම්කරය හා පාස්කු ප්‍රහාරය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා,
ඒක හුඟික් බලපෑවා ප්‍රතිඵලය. දැන් ජනාධිපති කොමිෂන් සභාවේ දිනෙන් දින එළියට ආපු දේවල හරි භයානක දේවල් නේ. ඒකෙන් මේ රටේ ජනතාවට පෙනුනා කිසිම පියවරක් ගත්තේ නැහැ කියලා ගිය රජය ජීවිත ආරක්ෂා කරන්න. වාර්තා ලැබුණු විගස අපේ රජය අවශය පියවර ගන්නවා.
ප්‍රශ්නය,
රිෂාඩ් බද්යුදීන්, රවුෆ් හකීම්, හිසබුල්ලා යන අයගේ භූමිකාව කොයි වගේ ද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා,
ඒ අය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු ලෙස පත්වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට කටයුතු කරන්න පුළුවන් අපේ රජයක කොටස්කරුවන් වෙන්නේ නැහැ. තුනෙන් දෙකක් තියෙනකොට තව මොකක්ද අවශ්‍යතාවය.
https://www.facebook.com/NewsfirstSL/videos/657791738424757/