by Staff writer 07-08-2020 | 9:42 PM
COLOMBO (News 1st) - මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක් හිමිවිය.
එම පෙරමුණට මන්ත්‍රි ධුර 128 ක් හිමිවු අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 ක් ද සමග දිනාගත් මුළු මන්ත්‍රි ධුර සංඛ්‍යාව 145 කි.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය වන්නේ, මන්ත්‍රී ධුර 150 කි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකේ බහුතරය සපුරා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ තව ත් මන්ත්‍රී ධුර 5 ක් පමණි.
ඒ වෙනුවෙන් එම පෙරමුණ සමග එක්වනු ඇතැයි අනුමාන කළ හැකි පක්ෂ 4 ක් ඇති අතර එම පක්ෂ සතු මන්ත්‍රී ධුර ගණන 5 කි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක් හිමිව ඇති අතර, ( අංගජන් රාමනාදන් ) ඩග්ලස් දේවානන්දා මහතාගේ ඊපීඩිපී පක්ෂයට මන්ත්‍රී ධුර දෙකක් හිමිව තිබේ.
පිල්ලෙයාන් හෙවත් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ ටීඑම්වීපී පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක් ලැබී ඇති අතර ඒ.එල්.එම්.අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසයට ද එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.
ඒ අනුව එම මන්ත්‍රීවරුන් පස්දෙනාගේ සහය ඇතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලය ලබා ගත හැකි වේ.
දිස්ත්‍රික්ක අනුව ගත් විට හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, බදුල්ල, නුවරඑළිය හා පුත්තලමේ සියලු මැතිවරණ බල ප්‍රදේශවල ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.
එම පෙරමුණ මුළු දිවයිනෙන්ම ලබා ගත් ඡන්ද සංඛ්‍යාව හැට අට ලක්ෂ 53, 693 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 59.89% කි.
සමගි ජන බලවේගය ඡන්ද විසි හත් ලක්ෂ 71, 984 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 54 ක් හිමි කර ගත්තේ ය.
එම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ලැබී ඇති මන්ත්‍රි ධුර සංඛ්‍යාව 7 කි.
සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 23.90 % ක් වේ.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, මෙවර ඡන්ද තුන් ලක්ෂ 27168 ක් ලබා ගත් අතර, එය ප්‍රතිශතයක් ලෙස 2.82% කි.
එම පක්ෂය හිමි කරගෙන ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 10 කි.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ද ඊට ඇතුළත්ය.
ජාතික ජන බලවේගය ඡන්ද හාර ලක්ෂ 45958 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර තුනක් හිමිකර ගත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක්ද සමගයි.
එම පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 3.84 % කි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 66579 ක් ලබා ගත් අතර එක් මන්ත්‍රී ධුරයක් හිමි කරගෙන තිබේ.
නිදහසින් පසු දශක 4 කට අධික කාලයක් මෙරට පාලන බලය හෙබවූ එක්සත් ජාතික පක්ෂයට මෙවර මහජන ඡන්දය අනුව කිසිදු මන්ත්‍රී ධුරයක් හිමිව නැතත්, ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීධුරයක් පමණක් හිමිවී තිබේ.
එක්සත් ජාතික පක්ෂය මුළු දිවයිනෙන් ම ලබාගත් ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ 49435 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 2.15 % කි.
අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයට ජාතික ලැයිස්තු ධුරයක් ද සමග මන්ත්‍රි ධුර දෙකක් හිමිව ඇත..
ඡන්ද 61464 ක් ලබාගත් ඊ.පී.ඩී.පී. පක්ෂය ලබාගෙන ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව දෙකකි.
ප්‍රථම වරට මහ මැතිවරණයට තරග කළ අපේ ජන බල පක්ෂයට ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරයක් හිමි වූ අතර එම පක්ෂය ඡන්ද
67758 ක් හිමි කර ගත්තේ ය.
තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් හෙවත් ටීඑම්වීපී පක්ෂය එක් මන්ත්‍රි ධුරයක් හිමි කර ගත්තේ ඡන්ද 67,692 ක් ලබා ගනිමිනි.
මීට අමතරව මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ එක් මන්ත්‍රී ධුරය බැගින් හිමි කරගෙන තිබේ.
https://www.facebook.com/NewsfirstSL/videos/2698150417091143/