මහින්ද නව අගමැති ලෙස අනිද්දා දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස අනිද්දා දිවුරුම් දෙයි

by Staff writer 07-08-2020 | 2:05 PM

COLOMBO (News 1st) : 9 වැනි පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා දිවුරුම් දීමට නියමිත ය.

ඒ, පෙරවරු 8.30 ට කැලණිය රජමහා විහාරස්ථානයේදීය. ලැබූ ජයග්‍රහණය, විජයග්‍රහණයක් බවට පත්කිරීම අධිෂ්ඨානය බව මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ය. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම රට තුළ තහවුරු කළ හැකි බව මෙම මැතිවරණය සාර්ථක කර ගැනීමෙන් ලෝකයට ඔප්පුවන බව මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එහි දැක්වුණේ සැබෑ විජයග්‍රහණය උපදින්නේ අභියෝග මතින් බවය. යුද්ධය ජය ගැනීම, කොවිඩ් 19 වසංගතය ජය ගැනීම මෙන්ම ඉතා සාර්ථක මැතිවරණයක් පැවැත්වීමෙන් රටේ හා ජනතාවගේ ශක්තිය ලෝකයට පෙන්වාදෙන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ඔහු එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මැතිවරණ ජයග්‍රහණය ජාතියේ ආත්ම විශ්වාසය නැවත ගොඩ නංවන ජයග්‍රහණයක් බවයි. මේ අතර මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, ලැබූ ජයග්‍රහණයක් විජයග්‍රහණයක් බවට පත්කිරීම අධිෂ්ඨානය බවයි. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම රට තුළ තහවුරු කළ හැකි බව මේ මැතිවරණය සාර්ථක කර ගැනීමෙන් ලෝකයට ඔප්පුවන බව මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එහි දැක්වුණේ නියම විජයග්‍රහණය උපදින්නේ අභියෝග මතින් බවයි. යුද්ධය ජය ගැනීම, කොවිඩ් 19 වසංගතය ජය ගැනීම වගේම ඉතාම සාර්ථක මැතිවරණයක් පැවැත්වීමෙන් රටේ හා ජනතාවගේ ශක්තිය ලෝකයට පෙන්වාදෙන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ඔහු සිය නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මෙම මැතිවරණ ජයග්‍රහණය ජාතියේ ආත්ම විශ්වාසය නැවත ගොඩ නංවන ජයග්‍රහණයක් බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1387018868170147/