''ජය පරාජය දෙකම විඳදරා ගන්න ඕන''

මන්ත්‍රී අසුන අහිමි වූ ලක්ෂ්මන් යාපා පාක්ෂිකයින් හමුවෙයි

by Staff writer 07-08-2020 | 8:33 PM

COLOMBO (News 1st) - ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට මෙවර මන්ත්‍රී අසුන අහිමි විය.

ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව ඔහු පාක්ෂිකයින් හමුවිය. හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,
ජය පරාජය දෙකම අපි විඳදරා ගන්න ඕන. ඒ නිසා මම කියන්නේ ඕගොල්ලන්ට පුද්ගලිකව කරන්න පුළුවන් උදව් මම කරනවා. 71 දාහක් අපිත් එක්ක හිටියානේ. ඔය වරදානවලට නොයෙක් දේවල්වට කට්ටිය රැවටෙන්න ඇති බොහෝ දෙනෙක්. ඒක තව මාස හයක් හතක් යනකොට ගොඩක් දෙනෙක්ට ඒක තේරේවී. අපි බලමු ඉස්සරහට එන විදියක් බලලා දේශපාන වශයෙන් ගන්න තීන්දුව මම ගන්නම්.
ජනතාව,
මනාපෙට පොරකාපු එක විතරයි වුණේ සර්...
හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,
මම ගන්න තීන්දුව ගැන තාම මට කියන්න බෑ. ඉවසීමෙන් මෙනවා හරි බලලා මම තීන්දුවක් ගන්නවා.
ජනතාව,
දේශපාලනෙන් සමුගන්න එපා සර් අපි තනිවෙනවනේ සර්. සර්ට ගැහුවේ 7 දෙනෙක් එකතු වෙලා. ප්‍රතිඵලේ පිළිගන්න බෑ සර්
හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,
ඉවසමු, ඉවසමු මෙහෙමයි මම කව්ද කියලා ඒ ගොල්ලන් දන්නවා. විශේෂයෙන් බැසිල් මහත්මයා දන්නවා. ඒ නිසා බැසිල් මහත්මයා ආරක්ෂාවක් මට දෙනවා කොහෙන් හරි.