ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්..

ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්..

by Staff writer 07-08-2020 | 2:57 PM

COLOMBO (News 1st) : කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ , හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි ය. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. ඉහත සදහන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම තවදුරටත් අනතුරුදායක වන අතර මේ පිළිබඳව අවදානයෙන් සිටින්නැයි ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල , මුහුදු රළ මීටර් 2 ත් 2.5 ත් අතර ඉහළ යාමේ අවදානමක් පවතින අතර මුහුදු රළ ගොඩබිමට ඇදී ඒමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.