නුවරඑළියේ ජය පොහොට්ටුවට

ආසන 5 ක් සමගින් නුවරඑළියේ ජය පොහොට්ටුවට

by Hashini De Mel 07-08-2020 | 12:39 AM

COLOMBO (News 1st) - 2020 මහ මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව ඡන්ද 230,389 ක් ලබා ගමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේ ද පළමු ස්ථානයට පත්ව සිටී. ඔවුන්ට හිමිව ඇති ආසන සංඛ්‍යාව 5 කි. සමගි ජන බලවේගය ඡන්ද 132,008 ලබා ගනිමින් ආසන තුනක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත. ස්වාධීන කණ්ඩායම් 1 ක තුන්වන ස්ථානයට පත්ව ඇති අතර ඔවුන් ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 17,107 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද එක්සත් ජාතික පක්ෂය සිව්වන ස්ථානයට පත්ව ඇත්තේ, ඡන්ද 12,974 ක් ලබා ගනිමිනි.