by Staff writer 06-08-2020 | 9:29 PM
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රී 12 වන විට සියලු දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රතිඑල නිකුත් කර අවසන් කිරීමට හැකි වෙතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් එස්. රත්නායක මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක කිහිපයක් හැර අනෙක් දිස්ත්‍රික්කවල සියලු මනාප ද අද මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ කිසිදු සිදුවීමක් අදත් වාර්තා නොවූ බව ඔහු සඳහන් කළේ ය.
දිස්ත්‍රික්ක 8ක සියලු ආසනවල ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.
ඒ, ගාල්ල, මාතර, හම්බන්තොට, පොළොන්නරුව, නුවරඑළිය, බදුල්ල, අනුරාධපුර සහ ත්‍රිකුණාමය යන දිස්ත්‍රික්කවලයි.
ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවේ.
දෙවැනි ස්ථානයේ පසුවන්නේ සමඟි ජන බලවේගයයි.
ජාතික ජන බලවේගය තුන්වන ස්ථානයේ පසුවේ.
මෙවර මතිවරණයේදී ප්‍රබල පසුබෑමක් පෙන්නුම් කරන එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.