පොහොට්ටුව ගාල්ලත් ජය ගනී

පොහොට්ටුව ගාල්ලත් ජය ගනී

by Staff writer 06-08-2020 | 7:09 PM
COLOMBO (News 1st) : ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමස්ත ඡන්ද ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත්ව තිබේ. එම දිස්ත්‍රික්ක ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. සියලු ආසන ජයග්‍රහණය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. ඒ, 70% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. ඡන්ද 27 682 ක් ලබාගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ද ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. සමගි ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනූව ඡන්ද 5244 ක් ලබාගත් අතර ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3235 කි. එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනූව සිව්වැනි ස්ථානයට පත්විය. එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1507 කි. ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව සමගි ජන බලවේගය දෙවැනි ස්ථානයට පත්විය. ජාතික ජන බලවේගය තුන්වන ස්ථානයට පත්වූ අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිව්වැනි ස්ථානයයි.