විදුලිය බිඳ වැටීම ඡන්ද ගණන් කිරීමට බාධාවක් නැහැ

ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ. ඡන්ද ගණන් කිරීමට බාධාවක් නැහැ - විදුලිබල අමාත්‍යාංශය

by Staff writer 06-08-2020 | 9:06 AM

COLOMBO (News 1st) : අධික වර්ෂාව හා තද සුළං හේතුවෙන් රත්නපුර, කිරිඇල්ල, මතුගම, පාදුක්ක, හෝමාගම, අවිස්සාවේල්ල, පයාගල සහ නුවරඑළිය ප්‍රදේශවල විදුලිය බිඳ වැටී තිබේ.

නමුත් විදුලිය බිඳ වැටීම ඡන්ද ගණන් කිරීමට බාධාවක් නොවන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.