සමගි ජන බලවේගය මාධ්‍ය නිවේදනයක්

නීතිවිරෝධිව රනිල්ගේ මනාප ගණන් කිරීමේ උත්සාහයක් ඇති බවට චෝදනා

by Staff writer 06-08-2020 | 11:10 PM
COLOMBO (News 1st) : සමගි ජන බලවේගය අද පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.  එහි දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ පිරිසක් මැදිහත්ව, නීතිවිරෝධි සහ අවිද්‍යාත්මක පදනමක පිහිටා රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප ගණන් කිරීමට උත්සාහ කරමින් සිටින බව විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි. කොළඹ දිස්ත්‍රික්කය තුළ එක්සත් ජාතික පක්ෂය 5% ඉක්මවා නැති තත්ත්වයක් තුළ එලෙස මනාප ගණන් කිරීමට දරණ උත්සාහයට සමගි ජන බලවේගය විරෝධය පළ කර තිබේ.