ගාල්ලේ තැපැල් ඡන්දයෙන් පොහොට්ටුවට ජය

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් පොදුජන පෙරමුණ ඉදිරියෙන්

by Staff writer 06-08-2020 | 3:26 PM

COLOMBO (News 1st) : ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවෙයි.

ඒ අනුව පොදුජන පෙරමුණට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 27,682 කි. එය 72.70% ක ප්‍රතිශතයක් වේ. සමගි ජන බලවේගය ඡන්ද 5,144 ක් දිනා ගත්තේ ය. ජාතික ජන බලවේගයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 3135 කි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1,507 ක් දිනා ගත්තේ ය. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, මැතිවරණ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.