කෑගල්ලේ වෙළඳසැලක ගැටුමකින් තරුණයෙකු මරුට

කෑගල්ලේ වෙළඳසැලක ගැටුමකින් තරුණයෙකු මරුට

by Staff writer 06-08-2020 | 7:41 AM

COLOMBO (News 1st) : කෑගල්ල නගරයේ වෙළෙඳ සැළක ඇතිවූ ගැටුමකදී තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි. මියගොස් ඇත්තේ 24 හැවිරිදි කෑගල්ල නගරයේ පදිංචි තරුණයෙකි. සැකකරුවන් පළාගොස් ඇති අතර ඔවුන් හඳුනා ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක ය. මියගිය තරුණයාගේ දේහය කෑගල්ල රෝහලේ තැන්පත් කර තිබේ.