මෝදිගෙන් අගමැති මහින්දට සුබපැතුම්

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් අගමැති මහින්දට සුබපැතුම්

by Staff writer 06-08-2020 | 9:56 PM
COLOMBO (News 1st) : මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමා තිබේ. ඒ, දුරකතන ඇමතුමක් ලබාදෙමිනි. දෙරට අතර දිගු කලක් ඔස්සේ පවතින සබඳතා තවත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබිණ. ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව මිතුරන් මෙන්ම ඥාතීන් බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී නරේන්ද්‍ර මෝදි මහතාට ප්‍රකාශ කර තිබේ. අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යළි සුබ පැතුම් පිරිනමා තිබිණ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ දෙරට අතර පවතින සබඳතා මෙන්ම සහයෝගීතාව, නව මානයන් කරා ගෙන යාමට අපේක්ෂා කරන බවයි.