ඊයේ දිනයේ පමණක් 82ක් අත්අඩංගුවට

පැමිණිලි 72 ක් ගැන කළ විමර්ශනවලදී ඊයේ දිනයේ පමණක් 82ක් අත්අඩංගුවට

by Staff writer 06-08-2020 | 11:45 AM

COLOMBO (News 1st) : මහ මැතිවරණ ඡන්ද විමසීම සිදුවූ ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 82 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේ, පැමිණිලි 72 ක් සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. මැතිවරණ සමයේ සිදුවූ නීති උල්ලංඝණය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 550 ක් අඩංගුවට ගත් බවද ඔහු පැවසුවේ ය.