ඡන්ද විමසීම අවසන්.. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවයි

ඡන්ද විමසීම අවසන්.. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවයි

ඡන්ද විමසීම අවසන්.. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවයි

කර්තෘ Staff writer

05 Aug, 2020 | 5:03 pm

COLOMBO (News 1 st) : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද පස්වරු 5ට අවසන් විය.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවන බවයි

මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 12 , 985 කදී උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ විය.

කොට්ඨාස 166 කින් මහජන නියෝජිතයින් 196 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා පැවති මෙම ඡන්ද විමසීමට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 7452 කි.

මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකින් සංඛ්‍යාව 16,263,885කි.

මේ අතර මෙවර ඡන්ද විමසීම පැවත්වූයේ, මැතිවරණ නීති මෙන්ම නිරෝධායන නීතිවලට අනුකූලවයි.

News 1st Election Headquarters 📌 Live – News1st විශේෂ මැතිවරණ විකාශය 05.08.2020

News 1st Election Headquarters 📌 Live – News1st විශේෂ මැතිවරණ විකාශය 05.08.2020

Posted by Newsfirst.lk on Wednesday, August 5, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]