තුනෙන් දෙක හදන ක්‍රම දන්නවා - අගමැති

by Staff writer 05-08-2020 | 10:35 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හදාගන්නා ක්‍රම දන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු අද මේ බව පැවසූවේ, සිය පවුලේ සාමාජිකයින් සමග ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාවේදීය. ප්‍රශ්නය,
අගමැතිතුමා විශ්වාස කරනවාද තුනෙන් දෙක පාර්ලිමේන්තු බලයක් තියන පාර්ලිමේන්තුවක නව අගමැතිවරයා වෙන්න පුළුවන් කියලා ? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මම විශ්වාස කරනවා මම හිතන්නේ මේ යන විදිහට පුළුවන් වෙයි කියලා ඉතින්. එහෙම බැරි වුණෙතේ තුනෙන් දෙක හදා ගන්න ක්‍රම දන්නවා. ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු වැඩසටහනක් තියනවා, ලක්ෂ 69ක් ඡන්දේ දීපු. ඉතින් ඒ ප්‍රතිපත්ති, ඒක තමයි අපි ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව තුළ. මොකද ජනාධිපතිවරයාට දීලා තියකනවානේ ඒක අනුමත කළා 69 ලක්ෂයකින්. ඒ හින්දා අලුත් දේවල් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ජනාධිපතිවරයාට ඡන්දේ දුන්නු, ඒ වගේම 69 ලක්ෂයක් අනුමත කරපු වැඩපිලිවෙළ තමයි අපි ක්‍රියාත්මක කරන්නේ.