ඡන්දය ​දාන හැටි වීඩියෝ කළ අයට දැඩිව නීතිය

ඡන්දය දාන හැටි වීඩියෝ කර සමාජ මාධ්‍යට මුදා හැරි පුද්ගලයින්ට දැඩිව නීතිය

by Staff writer 05-08-2020 | 5:04 PM

COLOMBO (News 1st) - ඡන්දය සලකුණු කිරීම වීඩියෝගත කර සමාජ මාධ්‍යට මුදා හැරි පුද්ගලයින්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, එවැනි පුද්ගලයින් පිළිබඳ සියලු තොරතුරු පොලීසිය සතුව පවතින බවය. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, එක් ඡන්ද පෙට්ටියක ආරක්ෂාව වෙනුවෙන් එක් නිලධාරියෙකු බැගින් යොදවා ඇති බවයි.