UPDATE : 'SF ලොක්කා' අනුරාධපුරයේදී වෙඩි තබා ඝාතනය කෙරේ

by Staff writer 05-08-2020 | 12:45 PM
COLOMBO (News 1st) : 12.45pm අනුරාධපුර, දහයියාගම හංදියේදී සිදුවූ වෙඩි තැබීමෙන් SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද දහවල් ඔහු තවත් දෙදෙනෙකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බවයි. තුවාල ලැබූ SF ලොක්කා ඇතුළු තිදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ. එහිදී 30 හැවිරිදි SF ලොක්කා මියගිය බව පොලීසීය සඳහන් කළේ ය. වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී56 ගිනි අවි උණ්ඩ සොයාගෙන තිබේ. කරාටේ ශූර වසන්ත සොයිසා මහතා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන්නේ ද SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තායි. https://www.youtube.com/watch?v=xGf0j-gX2ek -----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

අනුරාධපුරයේදී 'SF ලොක්කා'ට වෙඩි තබයි

COLOMBO (News 1st) : අනුරාධපුරය, දහයියාගම හන්දියේදී සිදුවූ වෙඩි තැබීමකින් 'SF ලොක්කා' හෙවත් ඉරොන් රණසිංහ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.