English
தமிழ்
කර්තෘ Staff writer
05 Aug, 2020 | 10:25 pm
COLOMBO (News 1st) – ඉන්දියාවේදී මියගිය ප්‍රදිප් සිං නැමති පුද්ගලයා අංගොඩ ලොක්කා නැමති මෙරට පාතාල නායකයා දැයි නිශ්චිතව තහවුරු කිරීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකරන බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කරයි.
තමිල්නාඩු ප්‍රාන්ත අපරාධ විමර්ශන ඒකකය සහ වෝහාරික විශේෂඥයින් මෙම ඩී.එන්.ඒ. පරීක්ෂණය සිදුකරමින් පවතී.
ඉන්දියාවේ කොයිම්බතූර්හි පෞද්ගලික රෝහලකදී සැකසහිත හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රදීප් සිං නමින් සැකසූ ව්‍යාජ හැදුනුම්පතකින් පෙනී සිටි පුද්ගලයා මියගොස් තිබේ.
අංගොඩ ලොක්කා හෙවත් චන්දන ලසන්ත පෙර්රා බවට ප්‍රකාශ වුණේ මෙම පුද්ගලයායි.
ඉන්දීය පොලිස් අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක කේ.ශන්කර් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට පවසා ඇත්තේ මේ වනවිට අංගොඩ ලොක්කා සම්බන්ධයෙන් වාර්තා රැසක් පලවී ඇති බැවින් මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවය.
මේ අතර චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා යැයි සැකකෙරන පුද්ගලයාගේ ආදාහනය කරන ලද මළ සිරුරෙන් සාම්පල රැගෙන මේ වනවිට කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාල රෝහලේ පරීක්ෂණවලට යොමුකර තිබේ.
ප්‍රදීප් සිං නැමත්තාට විෂ ශරීරගත කර මරාදමන්නට ඇතැයි ඉන්දීය පොලිසිය මේ වනවිට සැක පල කරයි.
ඔහුට විෂ ශරීරගත කළැයි සැකකරන ශ්‍රී ලාංකික කාන්තාවක් සහ එම දෙදෙනාටම නීතී විරෝධ ලෙස ඉන්දියාවේ රැදී සිටිමට ව්‍යාජ ලේඛන සැකසූ පුද්ගලයෙකු සහ ඊට අනුබල දුන් නීතීඥවරියක් මේ වනවිට ඉන්දීය පොලිස් අත්අඩංගුවේ පසුවේ.
ප්‍රදිප් සිං වූණේ අංගොඩ ලොක්කාම ද?
ප්‍රදිප් සිං වූණේ අංගොඩ ලොක්කාම ද? #lka #News1st #AngodaLokka #PradeepSingh
Posted by Newsfirst.lk on Wednesday, August 5, 2020
15 Sep, 2020 | 03:03 PM
10 Feb, 2020 | 09:10 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS