මැතිවරණ රාජකාරි සඳහා සෞඛ්‍ය නිලධාරීන් 8000 ක්

මහ මැතිවරණයේ ඡන්ද පෙටිට් ප්‍රවාහනයට සියල්ල සූදානම්...

by Staff writer 04-08-2020 | 7:47 AM

COLOMBO (News 1st) - මහ මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත යොමු කිරීම අද පෙරවරු 8.00 ට ආරම්භ කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මහ මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේ සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරීන් 8000 කට අධික පිරිසක් අනියුක්ත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, එම නිලධාරීන් ස්ථානගත කිරීම් අද සිට ආරම්භ කර ඇති බවයි. හෙට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා දීපව්‍යාප්ත ජංගම මුර සංචාර 3000 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.