බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුට විශේෂ ආරක්ෂාවක්

ජීවිත තර්ජන ඇති බන්ධනාගාර නිලධාරීන් විශේෂ ආරක්ෂාවක්

by Staff writer 04-08-2020 | 3:54 PM

COLOMBO (News 1st) : ජීවිත තර්ජන එල්ල වී ඇති බන්ධනාගාර නිලධාරීන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ඒ අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු, බූස්ස , අගුණකොලපැලැස්ස , මීගමුව, සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරීවරුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවයි. බන්ධනාගාර බුද්ධි අංශය විසින් එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.