ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේ ද?

ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේ ද?

by Staff writer 04-08-2020 | 8:38 PM
COLOMBO (News 1st) : ඔබේ ඡන්දය ඉතා වැදගත්... අවලංගු නොවන ලෙස ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේ ද? මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ආදර්ශ ඡන්ද පත්‍රිකාවක් යොදා ගනිමින් අද ඒ පිළිබඳව පැහැදිලි කළේ ය. ඒ අනුව තමන් කැමති හෝ ස්වාධීන කණ්ඩායමේ ලකුණ ඉදිරියේ එකම එක කතිරයක් පමණක් ලකුණු කළ යුතු අතර වෙනත් ලකුණු නොයෙදිය යුතු ය. කතිර එකකට වඩා සටහන් කළ තිබුණොත් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වේ. එක් ඡන්ද දායකයෙකුට උපරිම වශයෙන් මනාප 3ක් ලබා දිය හැකි අතර ඒ අනුව කැමති ඉලක්කම මත එක කතිර සලකුණු කළ හැකි ය. කිසිම වේලාවක මනාප 3ට වඩා සලකුණු නොකළ යුතු ය. කෙසේ වතෙත් මනාප නොදුන්නට ඡන්ද පත්‍රිකාව අවලංගු වන්නේ නොවන බව ත් ඡන්දය නොදී මනාප ලකුණු කළාට ඵලක් නොවන බවත් ඒ අනුව . පළමුව ඡන්දය දී දෙවනුව මනාප සටහන් කළ යුතුව ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.