ඉන්දු කාශ්මීර නිම්නයට ඇඳිරි නීතිය පනවයි

ඉන්දු කාශ්මීර නිම්නයට ඇඳිරි නීතිය පනවයි

by Staff writer 04-08-2020 | 12:12 PM

COLOMBO (News 1st) - ඉන්දු කාශ්මීර නිම්නයට ඇඳිරි නීතිය පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ, ජම්මු කාශ්මීරයට ඉන්දීය ව්‍යවස්ථාවෙන් ලබාදුන් විශේෂ වරප්‍රසාද ඉවත්කිරීම, ජම්මු කාශ්මීරය මධ්‍යම රජයට අයත් බලප්‍රදේශයක් බවට පත්කිරීමට රජය පියවර ගෙන වසරක් සම්පූර්ණ වීමට සමගාමීවයි. අද සහ හෙට ක්‍රියාත්මක වන මෙම ඇඳිරි නීතියට සමගාමීව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ සීමා ද ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්ය. අනිද්දා බ්ලැක් ඩේ හෙවත් කලු දිනයක් ලෙස සලකා ක්‍රියාත්මක වීමට කාශ්මීර බෙදුම්බවාදීන් සහ පකිස්ථාන සහය ලද කණ්ඩායම් සැලසුම් කර ඇතැයි තොරතුරු ලැබීම හමුවේ මෙම පියවර ගත් බව ශ්‍රී නගර් දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ය. ජම්මු කාශ්මීරයට ලබාදුන් විශේෂ වරප්‍රසාද ඉවත්කිරීමෙන් පසු කාශ්මීරයේ දේශපාලන නායකයන් සිය ගණනක් අත්අඩංගුවට සහ රැඳවුම් භාරයට ගනු ලැබුවේ ය. කාශ්මීරයේ හිටපු ප්‍රධාන අමාත්‍ය මෙහ්බූබා මුෆ්ටි ඇතුළු ඔවුන්ගෙන් බහුතරයක් තවමත් නිවාස අඩස්සියේ පසුවන බව සඳහන් වේ.