නව පාර්ලිමේන්තුව රැස්වීම ලබන 20 වැනි දා

අභිනව පාර්ලිමේන්තුව ලබන 20 වැනි දා කැඳවීමට ජනපති තීරණය කරයි

by Staff writer 04-08-2020 | 7:22 AM

COLOMBO (News 1st) - අභිනව පාර්ලිමේන්තුව ලබන 20 වැනි දා කැඳවීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ තීරණය ගෙන ඇති බවය. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණි.