අපරැක්කේ මාරක අනතුරක්

අපරැක්කේ මාරක අනතුරක්

by Staff writer 04-08-2020 | 7:51 PM
COLOMBO (News 1st) : මාතර, කැකනදුර හරහා යටියන මාර්ගයේ අපරැක්ක මහා විද්‍යාලය ඉදිරිපිටදී අද උදෑසන මාරක රිය අනතුරක් සිදුවිය. අනතුර සිදු වුණේ, ඇගලුම් කම්හලක සේවිකාවන් රැගත් වෑන් රථයක් සහ යටියන සිට මාතර දෙසට ගමන්ගත් බස් රථයක් එකිනෙක ගැටීමෙනි. අප වාර්තාකරු සඳහන් කළේ, ඇගලුම් සේවිකාවන් රැගත් වෑන් රථයේ රියැදුරු සහ සේවිකාවන් රාත්‍රී වැඩමුර අවසන් කර නැවත නිවෙස් බලා පිටත්ව යන අවස්ථාවේ වෑන් රථයේ රියදුරුට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් වෑන් රථයේ ගමන් කළ ඇගලුම් සේවිකාවන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ. තවත්, කාන්තාවන් 4 දෙනෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කිරින්ද පුහුල්ලැල්ල හෙට්ටියාවල පදිංචි 36 වන වියේ පසුවන දෙදරු මවක් සහ බෙලිඅත්ත ඉසුරුපුර පදිංචි 42 වන වියේ පසුවූ සිව්දරු මවකි. වෑන් රථයේ සහ බස් රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1030452734041772/