by Staff writer 03-08-2020 | 10:30 PM
News 1st - TikTok සමාජ මාධ්‍ය ජාලය දින 45 ක් ඇතුළත මයික්‍රොසොෆ්ට් යටතට පවරාගැනීමට කටයුතු කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
අමෙරිකානු බලධාරින් පවසා සිටින්නේ, TikTok සමාජ මාධ්‍ය ජාලය චීන සමාගමක් විසින් පාලනය කරන බැවින් එය තම රටේ පුරවැසියන්ගේ දත්තවල ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාවට මහත් තර්ජනයක් එල්ල කරන බවය.
TikTok සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාවේ භාවිතය තහනම් කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ පසුගිය සිකුරාදායි.
නමුත් ජනපති ට්‍රම්ප් සහ මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලා අතර පැවති හමුවකින් පසුව සත්‍යා නඩෙල්ලා පවසා තිබුනේ සැප්තැම්බර් 15 වැනි දාට පෙර තමන් යටතට ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය ලබාගැනීමට ඔවුන් තවදුරටත් සාකච්ඡා ඉදිරියට ගෙන යන බවය.
TikTok සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාවේ තහනම් කිරීම මගින් එය පරිහරණය කරන අමෙරිකානු තරුණ කණ්ඩායම් නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපති මැතිරවණයේදී ට්‍රම්ප්ට් එරෙහිව ක්‍රියාකරණු ඇතැයි බලධාරීන් අදහස් පළ කරති.
තව ද ඔවුන් පවසන්නේ එලෙස TikTok තහනම් කිරීම මගින් විවිධ නෛතික බාධක එල්ල විය හැකි බවය.
මයික්‍රොසොෆ්ට් ආයතනය සහ දැනට TikTok සමාජ ජාලය හිමි බයිට් ඩාන්ස් ආයතනය අතර සාකච්ඡා අධ්‍යන කරන්නේ අමෙරිකාවේ රාජ්‍ය ආයතනයක් වන විදේශ ආයෝජන සභාව විසිනි.
නමුත් මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ, TikTok තමා යටතට පවරා ගැනීම පිළිබඳ නිශ්චිත තීරණයක් දැනට ගෙන නොමැති බවය.