COVID-19 වැළඳුණු අමිතාබ් භච්චන් සුවය ලබයි

COVID-19 වැළඳුණු අමිතාබ් භච්චන් සුවය ලබයි

by Staff writer 03-08-2020 | 10:09 AM

COLOMBO (News 1st ) :  COVID-19 ආසාදනය වීම නිසා ප්‍රතිකාර ලබමින් සිටි සුපිරි බොලිවුඩ් රංගන ශිල්පී අමිතාබ් භච්චන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

77 හැවිරිදි ඔහු තමන් වෙනුවෙන් කැප වූ සෞඛ්‍ය අංශවලටත්, තමාට සුවය පැතූ සියලුම දෙනාටත් ස්තූතිය පළ කළ බවට විදෙස් වාර්තාවල දැක්වේ. ඔහුගේ පුත්‍රයා වන සුපිරි නළු අභිෂේක් භච්චන්ට සහ ලේලිය වන අයිෂ්වර්යා රායි භච්චන්ටද කොරෝනා ආසාදනය විය. මේ අතර ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ 52,000 කට අධික COVID-19 ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇති අතර සමස්ත ආසාදිතන් සංඛ්‍යාව ලක්ෂ 18කට අධික ය. 38,000 දහසකට අධික පිරිසක් ඉන් මරණයට පත්ව තිබේ.