විනෝද චාරිකාවක් ගිය තරුණියන් මහවැලි ගඟට බිළිවෙයි

විනෝද චාරිකාවක් ගිය තරුණියන් මහවැලි ගඟට බිළිවෙයි

by Staff writer 03-08-2020 | 10:38 PM

COLOMBO (News 1st) - මහියංගණය, වේරගංතොට පාලම අසළින් මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් විය.

කුරුණෑගල සිට මහිංගණය දක්වා විනෝද චාරිකාවක් පැමිණි ඥාති තරුණයෙකු සහ තරුණියක් දිය නෑම සඳහා ඊයේ පස්වරුවේ මහිංගණය වේරගංතොට පාලම අසළින් දියට බැස තිබුණි. එහිදී දෙදෙනාම දියේ ගිලී ඇති අතර ප්‍රදේශවාසීන් ඔවුන් බේරාගෙන මහියංගණය මූලික රෝහලට ඇතුළත් කළත් තරුණියගේ දිවි බේරා ගැනීමට හැකි වුයේ නැත. අදාළ තරුණයා මේ වනවිට මහියංගණය මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇති. මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ කුරුණෑගල, තිරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 වූ නෙත්මි නවෝද්‍යා නැමති තරුණියකි. මහියංගණය, වේරගංතොට පාලම අසළින් දිය නෑමට ගිය පුද්ගලයින් 30 දෙනෙකු පමණ පසුගිය කාලය තුළ මිය ගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.