පානදුරේ පාරකට විසඳුම් ඉල්ලා පදිංචිකරුවන් එළියට බසී

වැස්සට යටවෙන පානදුරේ පාරකට විසඳුම් ඉල්ලා පදිංචිකරුවන් මේස, පුටු අරන් එළියට බසී

by Staff writer 03-08-2020 | 9:32 PM

COLOMBO (News 1st) - වර්ෂා දිනවලදී පානදුර - හිරණ ප්‍රධාන මාර්ගයේ පිංකෑල්ල ප්‍රදේශයේ මාර්ගයට එක්රැස් වන ජලය බැස නොයෑම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවකට පත් ව සිටි.

අද උදෑසන ප්‍රදේශවාසීන් මෙලෙස මාර්ගයට එක්රැස්වී සිටියේ ඊට විරෝධය පළ කරමින්ය. නිසි කාණු පද්ධතියක් නොමැතිවීම හේතුවෙන්, පානදුර - හිරණ ප්‍රධාන මාර්ගයේ පිංකෑල්ල ප්‍රදේශය වැසි දිනවලදී මේ අයුරින් ජලය පිරී පවතින බව ප්‍රදේශවාසීන් පවසති. කාලක පටන් ඔවුන් මුහුණදෙන මේ ගැටලුවට කිසිදු බලධාරියෙකු පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් ඔවුන් අද උදෑසන මාර්ගය අවහිර කරමින් ප්‍රශ්නයට විසඳුමක් ඉල්ලා මෙලෙස විරෝධතාවයේ නිරත විය. විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල විණි. පසුව එම ස්ථානයට හිරණ පොලිස් මුරපොළේ නිලධාරීන් පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර තත්ත්වය සමතයකට පත් කළේ ය.