වසංගතයකදී ප්‍රතිකාර කරන්න IDH රෝහලේ වෙනම ඒකකයක්

වසංගතයකදී ප්‍රතිකාර කරන්න IDH රෝහලේ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට සැලසුම්

by Staff writer 03-08-2020 | 1:29 PM

COLOMBO (News 1st): වසංගත තත්ත්වයකදී රෝගීන් වෙන්කර තබාගෙන ප්‍රතිකාර කිරීමට හැකි සියලු පහසුකම් සහිත ඒකකයක් අංගොඩ බෝවන රෝග විද්‍යාතනය (IDH) තුළ ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුවී තිබේ.

එම අමාත්‍යාංශයේ Covid-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ , ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිටත් වෙන් කර ඇති බවයි.