මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 319 ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ වැටලීමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 319 ක් අත්අඩංගුවට

by Staff writer 03-08-2020 | 3:16 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ කළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 319 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සතුව තිබී හෙරොයින්, ගංජා, නීති විරෝධි මත්පැන්, ගෝඩා මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ද සිය භාරයට ගත් බවය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත එම මෙහෙයුම සිදු කර තිබේ.