ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට පෙරවරු 8.00 සිට..

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට පෙරවරු 8.00 සිට..

by Staff writer 03-08-2020 | 4:42 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට පෙරවරු 8.00 සිට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහින්ද දේශප්‍රිය මහතා ඒ බව සඳහන් කළේ ය. මේ අතර නිරෝධායනයට ලක්වන සහ නිවෙස්වල නිරෝධායනයට ලක්ව සුවය ලැබුවන්ට පස්වරු 4.00 සිට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/210437457064763/