ඡන්දෙ දාන්නත් දුක් විඳින කල්පිටියේ ගම්මුන් පිරිසක්

ඡන්දෙ දාන්නත් දුක් විඳින කල්පිටියේ ගම්මුන් පිරිසකගේ කඳුළු කතා

by Staff writer 03-08-2020 | 8:29 PM

COLOMBO (News 1st) - කල්පිටිය, උච්චිමුනේ ගම්වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේදී අත්විඳින්නට සිදුව ඇති දුෂ්කර තත්ත්වයක් පිළිබඳවයි මේ අනාවරණය...

කල්පිටිය අර්ධද්වීපයට අයත් දූපත් සමූහයක පිහිටා ඇති බත්තලංගුන්ඩුව, පල්ලියවත්ත, උච්චිමුනේ සහ රෝදපාඩුව ඇතුළු ගම්මානවල පවුල් 700 ට අධික සංඛ්‍යාවක් ජීවත් වෙති. අප වාර්තාකරු පැවසුවේ, මෙම ගම්මාන වැලි සහිත මාර්ග ඔස්සේ ගොඩබිම සමග සම්බන්ධ වී ඇති බවය. මෙම ගම්මානවල සියල්ලම දිවි සරි කර ගන්නේ කලපු සහ මුහුද ආශ්‍රිත ධීවර කර්මාන්තයෙනි. ප්‍රවේශ මාර්ගවල පවතින දුෂ්කරතා නිසා ගම්මුන් ප්‍රවාහන කටයුතු සඳහා ඔවුන් බෝට්ටු ද යොදා ගනු ලැබුවේ ය. උච්චමුනේ සිට බෝට්ටුවකින් ගොඩබිමට ළඟාවීමට මිනිත්තු 30 කට අධික වේලාවක් ගතවන අතර ගම්වැසියන් පවසන්නේ වසර ගණනාවක සිට මේ දුක්ගැහැට විඳිනා තමන් මැතිවරණ සමයට පමණක් බලධාරීන්ගේ සිහියට නැගෙන බවයි. පුරවැසියන් ලෙස තම නියෝජිතයින් පාර්ලිමේන්තුවට පත් කිරීමට ඇති අයිතිය වෙනුවෙන් අපමණ වෙහෙස විඳ ඡන්දපොළට පැමිණෙන ඔවුන් මෙවර තවත් අපහසුතාවට පත්ව ඇත්තේ, පවතින සෞඛ්‍ය නිර්දේශ අනුව බෝට්ටුවක්, ට්‍රැක්ටරයක් වැනි ප්‍රවාහන මාධ්‍යයක් තුළ සමාජ දුරස්ථභාවය සුරැකට ද සිදුවීම නිසය. https://www.facebook.com/NewsfirstSL/videos/299821767937205/