කටාර් සිට 13 දෙනෙකු දිවයිනට..

කටාර් සිට 13 දෙනෙකු දිවයිනට..

by Staff writer 03-08-2020 | 1:40 PM

COLOMBO (News 1st):  Covid-19 වසංගතය හේතුවෙන් කටාර්හි දෝහාවල රැඳී සිටි පුද්ගලයින් 13 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ , ජපානයේ නරිටා සිට ද එක් පුද්ගලයෙකු දිවයිනට පැමිණි බවයි. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කරනු ඇති. මේ අතර නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 55 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව යෑමට නියමිත ය. යුද හමුදාව සඳහන් කළේ, පුද්ගලයින් 29,121 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවයි. පුද්ගලයින් 2,294 දෙනෙකු මධ්‍යස්ථාන 33 ක මේ වනවිටත් නිරෝධායනය වෙමින් සිටී.