ගොඩනැගිල්ලක අත්තිවාරම කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට

ඉදි කරමින් තිබූ ගොඩනැගිල්ලක අත්තිවාරම කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට

by Staff writer 03-08-2020 | 10:36 AM

COLOMBO (News 1st) : හඟුරන්කෙත නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකරන ස්ථානයක සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගියේ ය.

එම ගොඩනැගිල්ලේ අත්තිවාරම කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය. අනතුරින් මියගොස් තිබෙන්නේ ගොඩනැගිලි හිමිකරුගේ ඥාතියෙකු බව පොලීසිය පවසයි. ඔහු කටුගස්තොට, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අද උදැසන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර දේහය මේ වනවිට රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කර තිබේ.