
ස්ටුවට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියට සමුදීමේ සැරසෙයි..
ස්ටුවට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියට සමුදීමේ සැරසෙයි..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීම පිළිබඳ තමා සලකා බැලූ බව එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් පවසයි.
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පසුගියදා නිමාවට පත් වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා ස්ටුවට් බ්‍රෝඩ් කැඳවා තිබුණේ නැහැ.
එම තරගය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුළු 4 කින් ජය ගත්තේ ය.
කෙසේ වෙතත් තරගාවලියේ අවසන් ටෙස්ට් තරග දෙක සඳහා ස්ටුවට් බ්‍රෝඩ් එංගලන්ත කණ්ඩායමට කැඳවා තිබූ අතර එම තරග 2 ක ජය ගනිමින් තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකි විය.
එම තරග දෙකේදී ස්ටුවට් බ්‍රෝඩ් කඩුළු 16 ක් දවා ගත් අතර ටෙස්ට් පිටියේ කඩුළු 500 සීමාව පසු කිරීමටද ඔහු හැකිවීම විශේෂත්වයකි.
තරගාවලියේ පළමු තරගය සඳහා තමන් තෝරා නොගැනීමෙන් පසු ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම පිළිබඳ සලකා බැලූ බව ස්ටුවට් බ්‍රෝඩ් පවසා තිබේ.
පළමු තරගය සඳහා තමන් ක්‍රීඩා නොකරන බවට නායක බෙන් ස්ටොක් ප්‍රකාශ කළ අවස්ථාවේ තමන්ට එය දරා ගැනීමට නොහැකි වූ බව ස්ටුවට් බ්‍රෝඩ් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
ස්ටුවට් බ්‍රෝඩ් කඩුළු 500 සීමාව පසු කරන අවස්ථාවේදී එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළේ සිය පියා වන ක්‍රිස් බ්‍රෝඩ් වීම විශේෂත්වයකි.
ටෙස්ට් කඩුළු 500 සීමාව පසු කළ ලොව 7 වැනි ක්‍රීඩකයා ස්ටුවට් බ්‍රෝඩ් වන අතර දෙවැනි එංගලන්ත ක්‍රීඩකයා වන්නේ ද ඔහු ය.
වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් මේ දක්වා ටෙස්ට් තරග 140 කදී එංගලන්ත කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඔහු දවා ගෙන ඇති මුලු කඩුළු සංඛ්‍යාව 501 කි.
- බස්නාහිරින් පිටවන පුද්ගලයින්ට ස්ථාන 12කදී කොරෝනා පරීක්ෂණ
- වල්සපුගල ගොවීන් අද දේව කන්නලව්වක..
- අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමග ගෘහස්ත ත්‍රස්තවාදි හිස එසවිය හැකි බවට අනතුරු ඇඟවීමක්…
- 2020 ලොව හොඳම භූගත ව්‍යාපෘති 4 අතරට උමා ඔය ව්‍යාපෘතියත්
- පුත්තලමේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට
- AstraZeneca Covishield කොරෝනා එන්නත් ලක්ෂ 5 ක් අද මෙරටට: එන්නත්කරණය හෙට සිට ඇරඹේ
- දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
- 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්