මැතිවරණ කාර්යාලයක සිටි පිරිසකට කිරුළපනදී මැර ප්‍රහාරයක්..

මැතිවරණ කාර්යාලයක සිටි පිරිසකට කිරුළපනදී මැර ප්‍රහාරයක්..

මැතිවරණ කාර්යාලයක සිටි පිරිසකට කිරුළපනදී මැර ප්‍රහාරයක්..

කර්තෘ Staff writer

03 Aug, 2020 | 8:36 pm

COLOMBO (News 1st) – කිරුළපන ප්‍රදේශයේ අද අලුයම දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් පසුව මෙවර තරග කරන අපේක්ෂකයෙකුගේ බිරිඳ පවුලේ ඥාතියෙකු ඇතුළු සිව්දෙනෙකු රෝහල්ගත කර තිබේ.

නිහඬ කාලසීමාවේ මැතිවරණ නීතිරීතිවලට ගරු කරන බැවින් මේ සිද්ධියේ තොරතුරු ඇතත් අප ඊට සම්බන්ධ අපේක්ෂකයින් අනාවරණය නොකිරීමට තීරණය කළෙමු.

අද අලුයම 1.30 ට පමණ කිරුළපන පිහිටි මැතිවරණ කාර්යාලයකට පැමිණි පිරිසක් මේ පහරදීම සිදු කර තිබුණි.

සිද්ධියෙන් හතරදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළක් කර ඇති අතර දෙදෙනෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබනු ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද කර ඇති අතර සිද්ධිය පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වේ.

මැතිවරණ කාර්යාලයක සිටි පිරිසකට කිරුළපනදී මැර ප්‍රහාරයක්

🔺මැතිවරණ කාර්යාලයක සිටි පිරිසකට කිරුළපනදී මැර ප්‍රහාරයක්.. (ජංගම දුරකතනයකින් පටිගත කළ දර්ශන) #lka #News1st #ULG #Election2020 #Electionviolence

Posted by Newsfirst.lk on Monday, August 3, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]