by Staff writer 03-08-2020 | 7:42 AM
COLOMBO (News 1st ) : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස් වේ.
ඒ, හිටපු කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
මානව හිමිකම් කොමිසම , රාජ්‍ය සේවා කොමිසමේ පුරප්පාඩු හා හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ පුරප්පාඩු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ මුදල් කොමිසම , සීමානීර්ණ කොමිසම, විගණන සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම ඉදිරිපත් කර ඇති ප්‍රගති වාර්තා ඇගයීම ද අද සිදු කෙරෙන බවයි.