සුළඟකින් පානදුර නිවාස 40 කට හානි...

සුළඟකින් පානදුර නිවාස 40 කට හානි...

by Staff writer 02-08-2020 | 12:57 PM

COLOMBO (News 1st) - පානදුර නිවාස 40කට ඊයේ (01) රාත්‍රියේ ඇති වූ සුළඟකින් හානි සිදු ව තිබේ.

පානදුර, පරත්ත පාරේ, දොලේවත්ත සහ රිවිදෙව්ගම යන ගම්මාන පිහිටි නිවාසවලට සුළඟින් හානි සිදු ව ඇත. පානදුර ප්‍රාදේශීය ලේකම් ඒ. ඩී. ගුණවර්ධන මහත්මිය පැවසුවේ, නිවාස 4 ක වහල මුළුමනින්ම හානි වී ඇති බව ය.