වරාය සේවකයින් අද අගමැති හමුවෙයි...

වරාය සේවකයින්ගේ ඉල්ලීම්වලට අගමැතිගෙන් අද විසඳුම් ලැබෙයි ද?

by Staff writer 02-08-2020 | 7:44 AM

COLOMBO (News 1st) - වැඩ වර්ජනයේ හා සත්‍යග්‍රහයේ නිරත වරාය සේවකයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද උදෑසන පැවැත්වේ.

වරාය වෘත්තීය සමිති පවසන්නේ, එහිදී තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදුන්හොත් දැනට ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන් කරන බවය. වරාය සේවයකින් මෙම වැඩවර්ජනය හා සත්‍යග්‍රහය ආරම්භ කළේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය අධිකාරය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමිනි. ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පැවසුවේ, සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 5 ක් ගත වන බවයි. ඊයේ පස්වරුවේ දුන් අධිකරණ නියෝගයට අවනතව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.