මීගමුව ජේලර්වරුන්ගේ නිලනිවස පිටුපසින් T56උණ්ඩ 13ක්

මීගමුව බන්ධනාගාර ජේලර්වරුන්ගේ නිල නිවස පිටුපසින් T56 උණ්ඩ 13ක්

by Staff writer 02-08-2020 | 2:11 PM

COLOMBO (News 1st) - මීගමුව බන්ධනාගාර ජේලර්වරුන්ගේ නිල නිවස පිටුපස තිබී T56 උණ්ඩ 13ක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මීගමුව බන්ධනාගාරයෙන් ලද තොරතුරක් මත ඒවා සොයාගත් බවය. නිල නිවස පිටුපස උණ පඳුරක් යට මෙම T 56 උණ්ඩ සඟවා තිබූ බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.