බස්නාහිරට සහ සබරගමුවට තද වැසි...

බස්නාහිරට සහ සබරගමුවට තද වැසි...

by Staff writer 02-08-2020 | 7:19 AM

COLOMBO (News 1st) - සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ ස්ථාන කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දකුණු පළාත, පොළොන්නරුව, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර කන්කසන්තුරේ සිට මන්නාරම කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය. බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 ත් 3 ත් අතර ඉහළ යාමේ හැකියාවක් පවති. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින අතර ධීවර හා නාවුක ප්‍රජාව සහ වෙරළ ආසනනයේ ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි.