COLOMBO (News 1st): සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාට අයත් බව කියන ඉඩම් කිහිපයක් අද පොලීසිය නිරීක්ෂණය කළේය.
ඊයේ දිනයේදී මුල්ලේරියාව පොලිසිය අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන තාමුල ආරච්චිගේ සමන් කුමාර හෙවත් 'සෙම්බු සමන්ත' නැමැත්තා කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව මෙම ඉඩම් සොයාගෙන තිබේ.
පර්චස් 929 ක් පමණ වන අදාල ඉඩම් වල වටිනාකම රුපියල් මිලියන 500කට අධික බව තහවුරු වී තිබෙන බව පොලීසිය පවසයි.
මූලික විමර්ශනවලදී අනාවරණයව වී ඇත්තේ මෙම ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන අංගොඩ ලොක්කාගේ නම් වලින් ලියාපදිංචි කර ඇති බවය.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා
"සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙන් ලෙස සලකන අංගොඩ ලොක්කා කියන පුද්ගලය මුල්ලේරියාව පොලිස් වසමේ, පර්චස් 929 ක ප්‍රමාණයක් විවිධ ස්ථානවල. කුඹුරු ඉඩම් ගොඩ කරලා ඒවයේ ගෙවල් හදලා දීලා විකුණලා අත්අඩංගුවට පත් වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා මෙතන, ඔහු තමයි මේවා පෙන්වා දෙන්නේ. මේ ඉඩම මිලදී අරන් තියෙන්නේ ඔහුගේ නමට. ඔහු සත පහක්වක් මුදල් වියදම් කරලා නෑ. අංගොඩ ලොක්කා කියන පුද්ගලයා මුදල් වියදම් කරලත් නෑ, දකුණු පළාතේ පුද්ගලයෙකුට අයිති ඉඩමක් මේ පුද්ගලයාගේ නමට ලියවලා තියෙනවා. පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි විමර්ශනයක් පවත්වලා. මේවායේ කවුද සැබෑ හිමිකරුවන් සහ ගොඩ කළ ඉඩම් නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මගින් පර්යේෂණයක් පවත්වලා, මුදල් විශුද්ධි කරන පනත යටතේ මේ සියල්ලම රාජ සන්තක කිරීමට කටයුතු කරනවා"