ජවිපෙට මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලැබෙනවා නම් කැමතියි

ජවිපෙට යම්කිසි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලැබෙනවා නම් මම කැමතියි! - බැසිල් රාජපක්ෂ

by Staff writer 02-08-2020 | 8:28 PM
COLOMBO (News 1st): ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී මන්ත්‍රී ධූර 130කට වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා බව එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
"අනිවාර්යෙන්ම අපි ආසන මන්ත්‍රීධුර 130 පන්නනවා. 130ත් 135 ත් අතර ගානක් ගන්නවා. නමුත් අපිට අවශ්‍යයි 150 හරියට වැඩ කරන්න නම්. අපිට සහයෝගය දෙන වෙන පක්ෂවලින් මන්ත්‍රීධුර හතරක් හෝ පහක් ඉන්නවා. අපි දන්නවා අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා විශේෂයෙන් නැගෙනහිර. ඒ අනුව ඒ අයත් සහයෝගය දුන්නම. නමුත් අපි කැමතියි කෙලින්ම අපේ සන්ධානෙට 150 ක් ලැබෙනවා නම්"
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට යම්කිසි මන්ත්‍රී ධූර සංඛ්‍යාව ලැබෙන්නේනම් ඊට තමා කැමති බව ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
"මම කැමැතියි ජනතා විමුක්ති පෙරමුණට යම්කිසි මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙනවා නම්. මොකද ඒක සමහර විට ඒ ප්‍රකාශය ටිකක් ආන්දෝලනාත්මක වෙනවා. නමුත් එහෙම වුනොත් හොඳයි. නැත්නම් දැන් ඉන්න විපක්ෂයේ කතා බැලුවහම කට්ටියක් විහිළු සපයනවා. කුහක විපක්ෂයක් එනවද? බොළඳ විපක්ෂයක් එනවද? නැත්තං විහිලු විපක්ෂයක් එනවද කියන එකයි බලාගෙන ඉන්නේ"
බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය. https://www.facebook.com/NewsfirstSL/videos/292860808599430/