by Staff writer 02-08-2020 | 3:55 PM
COLOMBO (News 1st) - ගල්කිස්ස, ඉදිගහදෙණිය ප්‍රදේශයේ ඇල මාර්ගයකට යාබද කැළෑබද ප්‍රදේශයක දමා ගොස් තිබූ පිස්තෝල 04 ක් සහ ඊට යොදන මැගසින් 08 ක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයාගනු ලැබ තිබේ.
පොලීසිය සඳහන් කළේ අද උදෑසන 10.30 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම පිස්තෝල 04 සහ ඊට යොදන මැගසින් 08 සොයාගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරයි.