කළුතර බන්ධනාගාරයෙන් රැඳවියන් තිදෙනෙකු පනී..

කළුතර බන්ධනාගාරයෙන් රැඳවියන් තිදෙනෙකු පනී..

by Staff writer 02-08-2020 | 4:15 PM

COLOMBO (News 1st) - කළුතර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකු අද අලුයම පලාගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඉන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බවයි. පලාගිය රැඳවියන් බන්ධනාගාරයේ නිරෝධායන වාට්ටුවේ රඳවා සිටි පුද්ගලයින් වේ. ඔවුන් මග්ගොන, ගල්පාත හා කළුතර දකුණ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. පලාගිය සෙසු රැඳවියන් සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක බව, පොලීසිය සඳහන් කළේය.