ආඩිවේල් ශක්තිවේල් මහෝත්සවය...

කඳ සුරිඳුන් උදෙසා පවත්වනු ලබන ආඩිවේල් ශක්තිවේල් මහෝත්සවය මහරාජා සංවිධාන මූලස්ථානයේදී..

by Staff writer 02-08-2020 | 6:14 PM
COLOMBO (News 1st): කඳ සුරිඳුන් උදෙසා පවත්වනු ලබන ආඩිවේල් ශක්තිවේල් මහෝත්සවය සීමාසහිත කැපිටල් මහරාජා සංවිධාන මූලස්ථාන පරිශ්‍රයේදී අද පැවැත්විය. එහි කටයුතු සිදු කෙරුණේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලවයි. වේලායුදය යනු කඳ සුරිඳුන්ගේ බල සම්පන්න ආයුධයයි. එය සැලකෙන්නේ, සියලු ශක්තීන් එක් කරගනිමින් සකස් වූවක් ලෙසය. සුර අසුර යුද්ධයේදී අසුරයින් මෙල්ල කීරීම සඳහා වේලායුධය භාවිත කර ඇති බව හින්දු පුරාණයේ සඳහන් වේ. ඉන්දියාවේ ඓතිහාසික දේවස්ථාන 6 කදී වන්දනාවට පාත්‍ර වී, යාපනය ඓතිහාසික සෙල්වසන්නිධි කෝවිලට වැඩමවූ මෙම වේලායුධයෙන් සිහි ගැන්වෙන්නේ, එදා වේලායුධය දැරූ කඳ සුරිඳුන්ගේ බල පරාක්‍රමයයි. අවම බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පේදුරුතුඩුව සෙල්වසන්නිධි පූජා භූමියේ සිට කොළඹ පිහිටි සීමාසහිත කැපිටල් මහරාජා සංවිධාන මූලස්ථාන පරිශ්‍රයට වේලායුදය වැඩම කරවනු ලැබිණි. අද උදෑසන එම පරිශ්‍රයේ පැවැත්වූ ආගමික කටයුතුවලින් අනතුරුව වේලායුධය රැගත් රිය පෙරහැර බම්බලපිටිය පිල්ලෙයියාර් කෝවිල් භූමිය දක්වා ගමන් කළේය. රිය පෙරහැරේ අද ගමනාන්තය වන්නේ හම්බන්තොට කතරගම දේවස්ථානයයි. රිය පෙරහැර හෙට උදෑසන යළි ගමන් අරඹනු ලැබේ. හෙට දිනයේ වේලායුධය සෙල්ල කතරගම පූජා භූමියෙන් කතරගම මහා දේවාල භූමිය දක්වා වැඩම කරවීමට නියමිතය. https://www.facebook.com/NewsfirstSL/videos/1647004832143402/