අගමැති සාකච්ඡාව සාර්ථකයි - වරාය වෘත්තීය සමිති

අගමැති සමග සාකච්ඡාව සාර්ථකයි - වරාය වෘත්තීය සමිති

by Staff writer 02-08-2020 | 10:17 AM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව වැඩ වර්ජනයේ නිරත වරාය වෘත්තීය සමිති නියෝජිතයින් පවසයි.

ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආරියදාස පතිරණ මහතා පැවසුවේ, ඒ පිළිබඳ අවසන් තීරණය වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගන්නා බවය. වරාය සේවයකින් මෙම වැඩ වර්ජනය හා සත්‍යග්‍රහය ආරම්භ කළේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමිනි.