වරාය සේවක වර්ජනය අවසන්..

වරාය සේවක වර්ජනය අවසන්...

by Staff writer 02-08-2020 | 1:06 PM

COLOMBO (News 1st) - කොළඹ වරාය සේවකයින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය හා සත්‍යග්‍රහය අත්හිටුවීමට තිරණය කර තිබේ.

වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේ, අග්‍රමාත්‍යවරයා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් පසු මෙම තීරණයට එළඹි බවය. වරාය සේවකයින් මෙම වැඩවර්ජනය හා සත්‍යග්‍රහය ආරම්භ කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමිනි. මහා මැතිවරණයට පෙර කොළඹ වරයේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ තීරණය ලඛිතව ලබා දෙන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියේය. සිවිල් සංවිධාන දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් ඔවුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයට සහය පලකළ අතර අද දිනයේත් භික්ෂුන් වහන්සේලා, සිවිල් සංවිධාන නියෝජිතයින්, වෘත්තිය සමිති කණ්ඩායම් ඇතුළු විශාල පිරිසක් සකොළඹ වරාය පරිශ්‍රයට පැමිණියේය. අද උදෑසන වරාය වෘත්ති සමිති හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර තංගල්ල, කාල්ටන් නිවසේදී මේ සම්බන්ධයෙන් සාකච්චාවක් පැවැත්වුණේ ඒ අතරතුරයි. ඒ, වෘත්තිය සමති 14 ක සහභාගීත්වයෙනි. අනතුරුව වෘත්තිය සමිති ප්‍රකාශ කළේ, අග්‍රමාත්‍යවරයාගේ තීරණ සම්බන්ධයෙන් කොළඹට පැමිණ සෙසු වෘත්තිය සමිති නායකයින් සමග සාකච්චාකර තීන්දුව ප්‍කාශයට පත්කරන බවය. ඒ අනුව අද පස්වරු 1 ට කොළඹ වරාය පරිශ්‍රයට පැමිණි වෘත්තිය සමිති නායකයින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හිටුවන බවට ප්‍රකාශ කළේය. නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව - ශාමල් සුමනරත්න මහතා
"එතුමන් එක්ක අපි කථාකළා මේ ගැටුමට මුල මේ වෘත්තිය අරගලයට මුල පසුගිය දිනවල කරලියට ආපු කැබිනට් පත්‍රිකාවක් ගරු අග්‍රාමාත්‍යවරයාගෙන් ඇහුවා වෘත්තිය සමිති විදිහට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා අත්සන් කරපු මේ කැබිනට් පත්‍රිකාව නිසයි අපිට වෘත්ත්තිය ක්‍රියාමාර්ගයක් ගන්න වුනේ එතනදි අපට චෝදනාවක් කලා අග්‍රාමාත්‍යවරයා මේ 23 දෙනා කවුරු හරි දේශපාලන වැඩ පිලිවලකට අතකොලුවක් කරලා තියාගෙන ඉන්නේ කියන චෝදනාව අපට කළා. මෙතනදි විශේෂයෙන්ම ආණ්ඩුවේ වෘත්තිය සමිති විදිහට වැලිගම සහෝදරයා ඉදිරිපත් කරපු කාරණාව තමයි අපේ මේ වෘත්තිය අරගෙලයට ප්‍රධානතම හේතුව ඔබට මේ ඉස්සල්ලා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව ඒක එහෙම විශ්වාස කරන්න හේතුව ඒකේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යරවයාගේ අත්සනින් නිකුත් කළ එකක් වීම මේක ඉදිරිපත් කලේ 2020 ජුනි මාසේ 09 වෙනිදා අග්‍රමාත්‍යරවායා කිව්වා මොනම විදිහකටවත් මේ පසුගිය කැබිනට් වාරයකදී ඒ රුස්වීම් වාරයකදී මෙවන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නෛාකල බවත් කැබිනයට් තීන්දු ගන්න ඒ කැබිනට් රුස්වීමට පෙර තියන අනු කමිටු රුස්වීම්වලදීවත් මෙවන් වූ පත්‍රිකාවක් ඉදිරිපත් නොවූ බවත් එය එසේ ඉදිරිපත් වෙනවා නම් මොනම හේතුවකටවත් ඒක අනුමත නොවෙන්නට කටයුතු කරන බවත් එතුමා අපට ප්‍රකාශකලා. මේක හදපු එවුන්ට අපි කියනවා තොපිට වඩා අපි බලවත් ඒක අපි කියනවා මේක ආයේ මේ මාතෘභුමියේ කැබිනට් එකකට පත්කරන්න තියා හිතන්නවත් එපා කියන පණිවිඩයත් අපි දෙනවා. මේ ඊසීටී පර්යන්තය වරාය අධිකාරියට යටතේ ක්‍රියාත්මක කරවීම සදහා අවශ්‍ය වූ යන්ත්‍රාපකරණ ඒ අදාල ස්ථානයේ සිට ඒ වැඩපිලිවල කරන වැඩපිලිවලක් අද දවල් 12 සිට කරන්නට සභාපතිවරයාට උපදෙස් දුන්නා. සමහර වෙලාවට පක්ෂල අපේක්ෂකයොත් මෙතන්ට ආවා ඒ පක්ෂවල අපේක්ෂකයින්ගේ උවමනාව වුනේ තමන්ගේ දේශපාලන මතය ජයග්‍රහණය කරන්න වෙන්න ඇති අපි ඔවුන් වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක් අපි පලකරනවා. අපි ඔවුන්ගේ ඒ කැත දේශපාලනය ප්‍රතික්ශේෂප කරනවා"
කෙසේවෙතත් මාධ්‍ය මෙහිදී ප්‍රශ්න කළේ, අග්‍රමාත්‍යවරයා වෘත්තිය සමිතිවල ඉල්ලීම පරිදි එකඟතාවය ලිඛිතව ලබා දුන්නේද යන්නයි. නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව - ශාමල් සුමනරත්න මහතා
"ලිඛිතව අපට අවශ්‍ය වෙන්නේ වැඩේ ලිඛිතව දෙනවට වඩා හොදයිනේ වැඩේ දෙන එක. අපි ඉල්ලන්න ගියේ ලියුම ලැබුණේ වැඩේ අපිට ඕන එච්චරයි"
ප්‍රශ්ණය - ලිඛිතව ලැබුණද? නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව - ශාමල් සුමනරත්න මහතා
"වැඩේ ලැබුණට පස්සේ ලිඛිතව මොනවටද ඕක නැවත්තුවොත් අපි දන්නවා කරන්නේ මොකක්ද කියලා"
ප්‍රශ්ණය - ඔබතුමාලාට පණිවිඩයක් අරං ආවා විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඔබතුමන්ලා එදා ඔවුන්ට එකඟතාවය දැක්වූවා නම් අද මේ වගේ දෙයක් වෙන්නේ නෑනේ ? නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව - ශාමල් සුමනරත්න මහතා
"ඔව් වෙන්නේ නෑ අපි මෙහෙමනේ මෙතන අපට තිබුන ප්‍රශ්ණේ පී.බී ජයසුන්දරනේ අපි හංගලා ගහන්න දෙයක් නෑනේ අපිට පී.බී. ජයසුන්ද මහත්තයාගේ තීන්දු තීරණ ගැන ගැටලුවත් තියනවා වරායට ස්පෙෂල් අපිට සැකයක් තිබුනා ජනාධිපතිතුමා එතුමා විසින් ඒ කියන්නේ පී.බී. ජයසුන්දර මහතා විසින් රවට්ටනවා කියලා හැගීමක් අපට තිබුණා. ඒ නිසා අපි ප්ලෑන් කලේ ජනාධිපතිතුමාව හම්බවෙලා මේ තොරතුරු ටික දෙන්න ඒකටයි සාකච්චාව ඉල්ලුවේ ජයසුන්ද තමයි ජනාධිපති ලේකම් එතුමා නැතුව ජනාධිපතිතුමා හම්බවෙලා අපේ උත්තර ටික දෙන්න ඊට ඉස්සල්ලා බොහොම සාධනීය පිලිතුරක් අග්‍රාමාත්‍යවරයාගෙන් ලැබුණා.
ප්‍රශ්ණය - ජනාධිපතිවරයා ඊයේ සැර ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයත් එක්කද ඔබතුමාලා අඩියක් පස්සට තිබ්බේ ? නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව - ශාමල් සුමනරත්න මහතා
"ජනාධිපතිතුමා කිව්වා අපි වෘත්තිය සමිතිවලට බය නැ ජනාධිපතිවරයා වෘත්තිය සමිතිවලට බය වෙන්න ඕන නෑ"
ප්‍රශ්ණය - කඩාකප්පල්කාරී ක්‍රියාවක් යනවාද මෙතන? නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව - ශාමල් සුමනරත්න මහතා
"ඔව් එහෙම වුණානේ මෙතන කඩාකප්පල් කාරී වගේ තමයි රජයට දැනුනේ ඇයි මෙතන්ට ආවේ ඡන්දේ ඉල්ලන කට්ටිය මෙතන ඇවිල්ලා ඡන්ද කැම්පේන් එක කරන්න ගත්තා. 6 වෙනිදා උත්තරේ අරං ආපු විමල් වීරවංශ මහත්තායටයි ගම්මන්පිල මහත්තයාටයි අපේ වරයා සේවකයෝ දම්මලා හූ කියන වැඩසටහනකුත් අපේ සමහර මිනිස්සු ක්‍රියාත්මක කරවුවා. ඒවා ප්‍රශ්ණ මේ වගේ දේවල් වෘත්තිය අරගලවලදී වෙනවා"
https://www.facebook.com/NewsfirstSL/videos/296855768322125/