කැලණි ගඟේ නාන්න ගිය සිසුන් දෙදෙනෙක් අතුරුදන්

කැලණි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙක් අතුරුදන්

by Staff writer 02-08-2020 | 10:27 AM

COLOMBO (News 1st) - කැලණි ගඟේ රන්වල ප්‍රදේශයේදී දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවය. 19 හැවිරිදි අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.